හැටන් ඩිපෝව⁣ට උත්සව සමයේදී එක්කෝටි හැට ලක්ෂයක ආදායමක්


(හැටන් රංජිත් රාජපක්ෂ)

උත්සව සමයේ හැටන් ලංගම ඩිපෝව රුපියල් එක්කොටි හැට ලක්ෂයක අදායමක් උපයාගත් බව එම ඩිපොවේ ඩිපෝ පරික්ෂක රෝහණද සිල්වා මහතා පවසයි.                                                          

ඉකුත් 10 වෙනිදා සිට 22 දින දක්වා දුර සහ කෙටි දුර ධාවනය සඳහා දිනකට බස් රථ 80 වක් ධාවනයට එක් කර තිබු බවත් ඉන් හැටන් ශ්රි පාද මාර්ගයේ ධාවනය කල බස් රථවලින් වැඩි ආදායමක් ලැබී ඇත                                           .                    
මේ මස 30 වෙනි දින දක්වාම  තව දුරටත් මෙම විශේෂ බස් රථ සේවාව යොදවන බව ඒ මහතා තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.