(සුදත් එච්. එම්. හේවා සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
පසුගිය පලාත් පාලන මැතිවරණයේදි හැටන් දික්ඔය නගර සභාව සදහා ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට ලැබුණු ප්‍රසාද මන්ත්‍රීධුරයට නම් කළ මෝහන් සුබ්‍රමණියම් මහතා දිවුරුම් දිමේ උත්සවයේදී තවත් මන්ත්‍රීන් පිරිසක් ඊට දැක්වු විරෝධතාව හේතුවෙන් ඇති වු නොසන්සුන්තාවය මත එම දිවුරුම් දිම වෙනත් ස්ථානයක කිරීමට සිදු විය.
තමන් ඡන්දය ඉල්ලා ලබාගත් ඡන්ද මත ලැබෙන ප්‍රසාද මන්ත්‍රීධුරය නිකම්ම සිටි පුද්ගලයකුට ලබා දිම දැඩි අසාධාරණයක් බව විරෝධය දැක්වු මන්ත්‍රීවරු පැවසුහ. එමෙන්ම මෙම පක්ෂයෙන් පසුගිය නගර සභා මැතිවරණයට ඉදිරිපත්විම පිළිබද ලැජ්ජාවට ලැජ්ජාවට කරුණක් බැවින් තම සෙරප්පුවෙන් තමන්ටම ගසා ගතයුතු බවත් එක් අපේක්ෂයකු පැවසුයේය.
හැටන් දික්ඔය නගර සභාව සදහා ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයද තරඟ කළ අතර එම පක්ෂයට ලැබුන ඡන්ද ප්‍රමාණය මත එක් ප්‍රසාද මන්ත්‍රී ධුරයක් හිමි විය.
ඒ අනුව එම මන්ත්‍රීධුරය සඳහා එම පක්ෂය මගින් අතිරේක ලැයිස්තුවේ නම් කර සිටි මෝහන් සුබ්‍රමණියම් මහතා නම් කර තිබු අතර ඒ මහතා දිවුරුම් දිම ඊයේ (24) හැටන් ක්‍රිෂ්ණ භවාන් ශාලාවේදි සිදු කිරිමට පියවර ගෙන තිබුණි.
එම ස්ථානයේ දිවුරුම් දිමට සුදානම් වන අවස්ථාවේදි එකි පක්ෂයෙන් හැටන් දික්ඔය නගර සභාවට තරඟ කළ කිපදෙනකු පැමිණ මෝහන් සුබ්‍රමණියම් මහතාගේ පත් විමට විරෝධය දැක්වීම නිසා මෙමඋණුසුම් තත්ත්වය ඇති වු අතර මේ හේතුවෙන් එම ස්ථානයේ දිවුරුම් නොදුන් මෝහන් සුබ්‍රමණියම් මහතා පසුව ඔහුගේ නිවසට ගොස් නිතිඥ කනපතිපිල්ලේ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.