(රංජිත් රාජපක්‍ෂ)
අඹගමුව ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය යටතේ පාලනය වු හැටන් ගාමිණීපුර වඩු පාසල හා ඒ අවට ඉඩම ප‍්‍රදේශයේ ව්‍යපාරිකයෙකු විසින් වංචනික ලෙස අත්පත් කර ගෙන ඇති බව පවසමින් එම ගම්මානයේ වැසියෝ හා හැටන් වත්තේ වතුකම්කරුවෝ පිරිසක් අද(16) විරෝධය පළ කළහ.
මීට වසර කිහිපයකට ප‍්‍රථම හැටන් ප‍්‍රදේශයේ තරුණයන් හට වෘත්තිය පුහුණුව ලබා දිම සදහා ඉදිකර ඇති මෙම වඩු පාසල පසුව ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් ප‍්‍රදේශයේ පදිංචිකරුවකුට දිර්ඝ කාලින බදු පදනම මත ලබා දි තිබුණි.
එම බදු පදනම මත ලබා ගත් අය විසින් මෙම වඩු පාසල් ගොඩනැගිල්ල හා අවට ඉඩම කලකට පසු ප‍්‍රදේශයේ ව්‍යපාරිකයකුට නිත්‍යනුකුල නොවන ආකාරයෙන් අලෙවි කර ඇති බව ප‍්‍රදේශවාසිහු කියති.
එම ඉඩම මිළදී ගත් බව කියන ව්‍යපාරිකයා අද(16) එහි බැකෝ යන්ත‍්‍රයක් යොදා පස් කැපීමේදී එම ඉඩමේ තිබු පැරණි සොහොනක වළලා තිබු මළ සිරුරුවල අස්ථි කොටස් මතුවීමත් සමගම ප‍්‍රදේශවාසිහු නොසන්සුන්කාරි ලෙස හැසිරෙමින් මේ පිළිබදව හැටන් පොලිසියටද පැමිණීලි කළහ.
පසුව හැටන් පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණ ඉඩමේ පස් කැපිම තාවකාලිකව අත්හිටුවා එම ඉඩමේ අයිතිය තහවුරු කිරිමට අවශ්‍ය ලියකියවිලි පොලිසියට ඉදිරිපත් කරන ලෙස ඉඩම් හිමිකරුට දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් අඹගමුව ප‍්‍රාදේශිය සභාවේ ලේකම් එස්.සරවනන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පවසා සිටියේ මෙම ඉඩමේ අනවසර පස් කැපිමක් සම්බන්ධයෙන් තමන්ටද ප‍්‍රදේශවාසින් පැමිණිලි කර ඇති බවත් එහි පස් කැපිම සදහා තම ප‍්‍රාදේශිය සභාවෙන් කිසිදු අවසරයක් ලබා ගෙන නොමැති බවත් ය.
මෙම ඉඩම අත්පත් කර ගැනිම සම්බන්ධයෙන් අඹගමුව ප‍්‍රාදේශීය ලේකම්වරයාද දැනුවත් කළ බවත් සරවනන් මහතා වැඩි දුරටත් කියා සිටියේය.