(රංජිත් රාජපක්ෂ )
හැටන් පොලිස් වසමට අයත් යුනිෆිල්ඩ් වතු යායේ වැලින්ටන් කොටසේ රියදුරු නිල නිවාසයක් ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.
අද (24) අලුයම 4 ට පමණ හට ගත් මෙම ගින්නෙන් නිවසට අර්ධ වශයෙන් අලාභ හානි සිදු වි ඇත.
ගින්න හට ගන්නා අවස්ථාවේ නිවසෙහි කිසිවෙක් නොසිටි බවත් , පැතිර යමින් තිබු ගින්න නිල නිවාසයට ආසන්නයේ පදිංචි වතු කම්කරුවන් එක්ව නිවා දමා ඇත.
ගින්නෙන් එම නිල නිවාසයේ තිබු රියදුරාට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය සම්පුර්ණයෙන්ම විනාශ විනාශ වි ඇති අතර ගින්නේන සිදු වු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර එම නිවාසට ලබා දි ඇති විදුලි බලයද තාවකාලිකව මේ වන විට විසන්ධි කර ඇත.