(ශාන්ත චන්ද්‍රසිරි)
හැටන්, නෝවුඩ්, නිව්වැලිගම ප්‍රදේශයේ පසුගියදා ඇති වු නායයාම තවදුරටත් සක්‍රීය මට්ටමේ පවතින බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතනයේ නුවරඑළිය දිස්ත්‍රික් ස්ථාන බාර නිලධාරී, භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා කීය.
මෙම නායයාම නිසා නිව්වැලිගම ගම්මානයේ නිවාස පහක් හා හැටන්- බගවන්තලාව මාර්ගයේ කොටසක් සම්පුර්ණයෙන් විනාශයට ලක්විය.
මේ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමන කටයුතු ද මේ වනවිට සම්පුර්ණයෙන්ම ඇණහිට තිබේ.
නිව්වැලිගම නායයාමට ලක්ව ඇති ස්ථානයට වැහි වතුර ගලා ඒම අඩු මට්ටමක පැවැතීම නිසා මේ වනවිට එම ස්ථානයේ ගැලැවී ගොස් ඇති පස් තට්ටු රැදී පවතින බවත් එම ප්‍රදේශයට අධික වර්ෂාවක් පතිත වුවහොත් තවදුරටත් එකී ප්‍රදේශය නායයාමට ලක්වීමේ අනතුරුදායක තත්ත්වයක් පවතින බවද ඒ මහතා කීය.
හැටන්- බගවන්තලාව මාර්ගය කාපට් කිරීමෙන් පසුව එම ස්ථානයේ මාර්ගය ඉරිතැලීමත් සමඟ සිදු කරනු ලැබු භූ විද්‍යා පරික්ෂණවලදී මෙම නායයාම හඳුනා ගන්නා ලද පසුව එම ස්ථානයේ පදිංචි පිරිස් ඉවත් කිරීමට පියවර ගත් බවද ඒ මහතා පැවැසීය.