ජූඩ් සමන්ත
හලාවත පොදු මාළු අලවි සැල තුළ පිරිසක් අද (12) බලහත්කාරයෙන් මුදල් එකතු කිරීමට සුදානම් වූ අවස්ථාවේදී හලාවත පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් මැදිහත්වී එය පාලනය කිරීමට කටයුතු කර තිබේ.
හලාවත පොදු මාළු අලවි සැල හලාවත නගර සභාව පාලනය කරන ලබන අතර,එහි බදු මුදල් අය කිරීමද සභා සේවකයින් සිදු කරණු ලබයි.
2017 වර්ෂයේ මාළු වෙළද පොල ටෙන්ඩර් කළ අවස්ථාවේදී පුද්ගලික ව්‍යාපාරිකයෙකු එය ලබා ගෙන තිබුණි.2018 වර්ෂය සඳහා ටෙන්ඩර් කැදවීමක් කළත් කිසිවෙකු ලංසු ඉදිරිපත් කර නොමැත.
දෙවැනි වතාවටත් ටෙන්ඩර් කැඳවීමට නගර සභාව සුදානම් වන විට වයඹ පළාත් ප්‍රධාන ඇමතිවරයා නියෝග කර ඇත්තේ 2017 වර්ෂය තුළ ටෙන්ඩර් ලබා ගත් අයටම මාළු වෙළද පොලේ බදු මුදල් අය කිරීමට ඉඩ ලබා දෙන ලෙසයි.
මැතිවරණ සමයක එවැනි තීරණයක් ගත නොහැකි බවට මැතිවරණ කොමසාරිස්වරයාට කිසියම් අයෙකු ලිඛිතව දැණුම් දී ඇති අතර.ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රධාන ඇමතිවරයාගේ නියෝගය අවලංගු
කර මාළු වෙළද පොල තුළ බදු මුදල් අය කිරීම නගර සභාවට පවරා තිබේ.
මැතිවරණය අවසන් වීමත් සමඟ මාළු වෙළද පලට පැමිණ ඇති 2017 වර්ෂ සඳහා ටෙන්ඩර් ලබා ගෙන සිටි ව්‍යාපාරිකයා බදු මුදල් එකතු කරමින් සිටි නගර සභාවේ සේවකයාව පලවා හැර බදු මුදල් අය කිරීමට කටයුතු කර ඇත.
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වූ හලාවත පොලීසියේ නිලධාරීන් මාළු වෙළද පොලට ගොස් බදු මුදල් අය කරමින් සිටි ව්‍යාපාරිකයා සහ ඔහුගේ ගෝලයින් පලවා හැර මාළු වෙළද පලට පොලිස් ආරක්ෂාව සපයා තිබේ.