(ජුඩ් සමන්ත)
හලාවත ප්‍රාදේශීය සභාවේ මංගල සභා වාරයේ දී පොදු කාරක සභාව පත් කිරීම සඳහා සභාපතිවරයා ගෙන එන ලද යෝජනාව අද (11) වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.
හලාවත ප්‍රාදේශීය සභාව මාදම්පේ - සුදුවැල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී රැස් විය.
සභාපතිවරයා පිළිගැනීම සඳහා පසුගිය 6 වැනි දා සංවිධානය කර තිබූ උත්සවය අතරට කඩා වැදුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු කළහකාරී ලෙස හැසිරුණේය.
එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනාද සභාපතිවරයා නියෝජනය කරන පොදුජන පෙරමුණ පක්ෂයෙන්ම තේරී පත්වී තිබීම විශේෂත්වයක් විය.
කළහකාරී ලෙස හැසිරුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනාද 11 වැනි දා මංගල සභා වාරයට පැමිණ සිටියේය.
සභාව ආරම්භ කිරීමේ පසුව සභාපතිවරයා විසින් පොදු කාරක සභාව සඳහා වන මන්ත්‍රීවරුන් නම් කිරීම සභාපතිවරයා විසින් සිදු කරන ලදි. එම යෝජනාව ප්‍රතික්ෂේප කරන බව පොදුජන පෙරමුණ මන්ත්‍රී ජනිත දේවප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
ඡන්ද විමසීමකින් පසු සභාපතිවරයා විසින් කරන ලද යෝජනාවට පක්ෂව ඡන්ද 14 ක් ද , විපක්ෂව ඡන්ද 16 ක් ද ලැබිණි. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.