ජුඩ් සමන්ත සහ ඔගස්ටින් ප‍්‍රනාන්දු
හලාවත - අඹකදවිල , කොච්චිවත්ත ප්‍රදේශයේදී පැවති සාදයකදී ඇති වූ ගැටුමක් හේතුවෙන් තුවාල ලැබු තිදෙනෙකු ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව හලාවත පොලිසිය කියයි.
ගැටුම පැවති ස්ථානයේ තිබූ බව කියන මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ කඩුවක්ද හලාවත පොලිස් බාරයට ගත් බව පොලිසිය පවසයි.
තුවාලකරුවන් අතර එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු සහ තවත් අයෙකු වන අතර තුවාලකරුවන් සියළුම දෙනා හලාවත - අඹකදවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර හලාවත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
හලාවත ගැටුමකින් තුනක් රෝහලේ
Recommended Articles