(ඩී.කේ.රත්න)
හල්දුම්මුල්ල හරංකහව ගල්කන්දෙඅරාව ප‍්‍රදේශයේ නිවසක ගෙවත්තක තිබී අද (28) ජීව අත්බෝම්බයක් සොයා ගෙන ඇතැයි හල්දුම්මල්ල පොලීසිය පවසයි.
හල්දුම්මුල්ල පොලීසියේ නිලධාරීන් පිරිසක් හරංකහව ප‍්‍රදේශයේ වැටලීමකට ගිය අවස්ථාවේදී ගෙවත්තක වැට අයිනක තිබූ මෙම බෝම්බය දැක ඒ පිළිබඳව හල්දුම්මුල්ල පොලීසියට දැනුම් දීමෙන් පසු මෙම ජීවී අත්බෝම්බය සොයා ගෙන ඇත.
මෙම ජීවී අත්බෝම්බය නිෂ්ක‍්‍රීය කිරීම සඳහා හපුතලේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට දැනුම්දී තිබේ.
කිසියම් පුද්ගලයකු විසින් මෙම ජීවී අත්බෝම්බය කිසියම් අපරාධයක් සඳහා රැගෙන විත් මෙම ස්ථානයේ දමන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ හල්දුම්මුල්ල පොලීසියේ නිළධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරයි.

