හල්දුම්මුල්ල ප්‍රා. සභා රැස්වීම පැය භාගයයි


(සමන් පාලිත නානායක්කාර) 

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද (13) දින පැවති අතර ඝණ පූර්ණය නොමැති වීමෙන් එය පැය භාගයකට සීමා විය.

සභාපති උපුල් ප්‍රියන්ත හෙට්ටිගේ මහතාගේ  ප්‍රධානත්වයෙන් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේ දී මෙම රැස්වීම පැවැත්විණි. 

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරු 20 දෙනකුගෙන් සමන්විත වේ. අද දින  සභාව ආරම්භ වෙද්දී හිටියේ මන්ත්‍රීවරු 6 දෙනකු පමණි. තවත් මන්ත්‍රීවරු පිරිසක් සභා කාර්යාලයට පැමිණ සිටියද සභාපතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරන බව පවසමින් සභා ගර්භයට පැමිණීමෙන් වැළකී සිටියහ.

බී ප්‍රියංගනී, දමයන්ත කුමාර ගුණසේන, ප්‍රියදර්ශනී පෙරුම්ගන්ඩාර්, කේ සරස්වතී, ආර් .එම්.  ජයසේන, යන සභික මහත්ම මහත්මීන්  සභාපතිවරයා සමග සභාවට පැමිණ සිටියද ඝණ පූර්ණය සම්පූර්ණ නොවීමෙන් සභාව කල්තැබීය.

යළි වෙනත් දිනයක විශේෂ මහා සභාවක් කැඳවන බව සභාපති උපුල්  හෙට්ටිගේ මහතා පැවසීය.