හමුදා සෙබළා මැරූ සැකකරු කොටුවෙයි


(එස් .ඩි .කොඩිකාර )

හමුදා සෙබළකුට පිහියෙන් ඇන ඝාතනය කර සැඟව සිටි  පුද්ගලයකු දින 7කට පසු ව අද (03) කොටපොළ ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයකින්  පැමිණෙමින් සිටියදී  පොලීසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් ගත් බව දෙනියාය පොලිසිය කියයි .

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි  බඹරගොඩ, පල්ලේගම, කොළවෙණිගම  පදිංචි අවිවාහක පුද්ගලයෙකි .

සැකකරු ඉකුත් 27වැනිදා අලුයම දෙනියාය ප්‍රදේශයේ තිබූ සංගීත සංදර්ශනයක් නරඹමින් නිවස බලා  යතුරුපැදියෙන් යමින් සිටි ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සේවය කරන 32 හැවිරිදි ගංගොඩ, පල්ලේගම පදිංචි ඩබ්ලිව්.ජී. ප්‍රසන්න සම්පත් නමැති හමුදා සෙබළා ඝාතනය කොට සැඟව සිටි පුද්ගලයෙකි.

ඝාතනයට හේතුව ප්‍රේම සම්බන්ධතාවයක් බවට මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති බව පොලිසිය පවසයි.