(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය යමින් සිටි යුද හමුදාව පවරා ගත් බස්රථයක් රෙමුණ ආයුර්වේද අසලදී අනතුරුකට ලක් ව පාරෙන් ඉවතට පැන වෙළඳසලකට කඩා වැදීමෙන් රුපියල් කෝටියකට ආසන්න දේපලවලට අලාභ සිදු වී ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
ඒ සමඟම රියැදුරු පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
සිදු වූ අනතුරින් නිවසක තාප්පයක් ආයුර්වේදයේ ආරක්ෂිත වැට,විදුලි කණුවක් ,ජල පද්ධතියක් , තෑගි භාණ්ඩ සහ විසිතුරු භාණ්ඩ අලෙවි සැලකට මෙන්ම බස් රථයට ද බරපතළ අලාභ සිදු වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මෙම අනතුරුරික් කිසිවකුටත් අනතුරක් සිදුවී නැති බවත් පොලිසිය කියයි.