(අනීෂා මානගේ)
හම්බන්තොට - බදගිරිය බස් මාර්ගයේ සේවය කරන ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ රියදුරකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් මුල්කරගනිමින් අද(15) එම මාර්ගයේ ධාවනය වන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ රියදුරුවරු හා කොන්දොස්තරවරු වැඩ වර්ජනයක නිරත වී සිටිති.
මාර්ග අංක 336 හම්බන්තොට - බදගිරිය මාර්ගයේ සේවය කළ ලංගම බස් රථ රියදුරු මහතෙකුට ඊයේ(14) සවස පුද්ගලික බස් හිමිකරුවෙකු විසින් පහර දෙනු ලැබ ඇති අතර මේ පිළිබදව අදාළ රියදුරුවරයා විසින් හම්බන්තොට පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද කරනු ලැබ තිබිණි.