සුමතිපාල දීයගහගේ
හබරාදුව ප්‍රාදේශීය සභාවේ අද (18) පැවති මාසික රැස්වීමේදී පාලක පක්ෂය නියෝජනය කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු විසින් ඉදිරිපත් කරන ලද විශේෂ යෝජනාවකට විපක්ෂ නායකවරයා විරෝධය පල කිරිම නිසා සභාව දැඩි උණුසුම්කාරී තත්වයකට පත් විය.
සභාපති දිල්ශාන් විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රාදේශීය සභාවේ ශ්‍රවණාගාරයේ දී මෙම රැස්වීම පැවැත්විණි.
එහිදී විශේෂ යෝජනාවක් ඉදිරිපත් කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අමිල නානායක්කාර මහතා මෙසේ කීය.
ඔක්තෝබර් 26 වැනි දා අගමැති ධූරයට පත් මහින්ද රාජපක්ෂ මහතා දින 45ක් වැනි කෙටි කාලයක් තුළ ජනතාවට සහන රැසක් ලබාදුන්නා. එම නිසා මෙම සහන ලබාදීමට හැකිවන පරිදි මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ප්‍රසාදය පල කිරිමේ විශේෂ යෝජනාවක් මෙම අවස්ථාවේ සභාවට ඉදිරිපත් කරන බව පැවසීය.