(ඩී.කේ.රත්න)
එක්සත් ජනතා සන්ධානය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධව පිටුවා ඇති හපුතලේ ප‍්‍රාදේශීය සභාවේ 2019 වර්ෂයේ මංගල අයවැය අද (07) සවස වැඩි ඡන්ද අටකින් පරාජය විය.
හපුතලේ ප‍්‍රාදේශීය සභාවේ සභාපති බී.කේ.කන්නා මහතා විසින් මංගල අයවැය ලේඛනය මාසික මහ සභාවට ඉදිරිපත් කළේය.
පසුව පැවති රහස් ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද හයක් සහ අයවැයට විපක්ෂව ඡන්ද 14 ක් ලැබීමෙන් පසුව වැඩි ඡන්ද අටකින් අයවැය ලේඛනය පරාජය විය.
හපුතලේ ප‍්‍රදේශීය සභාව එක්සත් ජනතා සන්ධාන මන්ත‍්‍රීවරුන් හය දෙනෙකුගෙන් , ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරුන් හත් දෙනෙකුගෙන්, එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් හත් දෙනෙකුගෙන් සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත‍්‍රීවරයකුගෙන් සමන්විතය.