ටෝනි කරුණානායක
කිරිඳවැල හප්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයකුව පිහියෙන් ඇන ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට වසර 12 කට පසු ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (24) මරණිය දණ්ඩනය නියම කළේය.
වතුරුගම,හප්පිටියේ පදිංචිකරුවෙකු වන ගනේආරච්චි පතිරන්නැහැලාගේ ලක්ෂ්මන් ප්‍රියංකර නැමති 44 හැවිරිදි පුද්ගලයකුට මෙලෙස මරණිය දණ්ඩනය නියම කැරිණි.
2005 වර්ෂයේ සැත්තැම්බර් මස 8 වැනි දා වතුරුගම , හප්පිටියේ පදිංච් 27 හැවිරිදි පුද්ගලයකු මෙලෙස ඝාතනය කර තිබෙන අතර එවකට නීතිපති ලෙස කටයුතු කළ චින්ත රන්ජන් ද සිල්වා මහතා 2007 වර්ෂයේ ජුලි මස 14 වැනිදා චූදිතයාට විරුද්ධව නඩු පවරා තිබුණි.
මරණකරු සහ විත්තිකරු අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු වී ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය.