හදිසියේ මිය ගිය ගලෙන්බිඳුණුවැව සිසුවාට ‘ඒ‘ අටක්


(දයාරත්න ඇඹෝගම)
පසුගිය  වසරේ අ.පො.ස.(ස,පෙ.) විභාගයට පෙනිසිටිමෙන් පසු ඇති වු හදිසි අසනීප තත්ත්වයක් නිසා  මිය ගිය  ගලෙන්බිදුණුවැව යකල්ලේ පී. මුදිත සුරංග හේරත් (16) නම් සිසුවෙකු මෙරව විභාගයේ  ප්‍රතිඵල අනුව “ඒ” සමර්ථ අටක් (08 ) ලබාගැනිමට සමත්ව තිබුණි. 
 
මොහු අනුරාධපුර හුරුළුවැව වම් ඉවුර මහ විද්‍යාලයේ සිටි දක්ෂතම සිසුවා වූ අතර ඔහු පාසලේ ශිෂ්‍ය නායකයා ද විය. පාසල් ඉතිහාසයේ ඉහලම  විභාග ප්‍රතිඵයක් ලබන බවට පාසලේ ගුරුවරු මහත් බලාපොරොත්තු තබා සිටියේය.
 
 එහෙත් ඉතා අවාසනාවන්ත ලෙස ජනවාරි මාසයේ පස් වැන දින  රාත්‍රියේ සුළු කෙදිරි   ගෑමකින් පසු මවගේ උකුල මතම මියගියේය. රාත්‍රියේම  නිවස ඉදිරිපිට ඇති යකල්ල රෝහලට ඔහු රැගෙන ගියද ඒ වනවිටත් ඔහු මරණයට පත් වී ඇති බව තහවුරු විය. මරණයට හේතුව මෙතක් අනාවරණය වී නොමැත.
 
ඔහුගේ මව ගුරුවරියක වූ අතර පියා විශ්‍රාමික රජයේ සේවකයෙකි. දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ බලයා වුයේ මෙම දරුවය .කුඩාකල සිටම ඉගෙනීමට දක්ෂකම් දැක්වූ ඔහු පහ වසර ශිෂ්‍යත්ව විභගයෙන් සමත්වූ අතර වෙනත් පාසලකට ඇතුළු නොවී එම පාසලේම ඉගෙන  ගනිමින් විවිධ තරගවලදී පාසලට මහත් කීර්තියක් ගෙන් දුන් සිසුවකු බව එම විදුහලේ ගුරුවරු පැවසිය.
 
මෙම දරුවාගේ  තුන් මාසයේ පිංකම අප්‍රේල් මස පහ සහ හය දිනයන්හි ඔහුගේ නිවසේදි පැවැත් විමට නියමිතය.