( රොමේෂ් මධුෂංඛ)
වව්නියාව ඉලමරදන්කුලම් ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයෙකු විසින් තබන ලද හක්කපටස් බෝම්බයක් පුපුරා යාමෙන් මිය ගිය අලි පැටවෙකු සිරුරක් සොයාගත් බව වනජීවී නිලධාරීන් පවසයි.
ඉලමරදන්කුලම් මහාඉලුප්පයිකුලම් වැවේ ජලය බීමට පැමිණ ඇති අලි පැටවා මෙසේ හක්කපටස් බෝම්බයකට හසුව මිය ගොස් ඇත්තේ මීට දින 3කට පමණ පෙර බවටද වනජීවි නිලධාරීහු පැවසුහ.
පවතින නියං තත්වය හේතුවෙන් වැවේ ජලයා බීමට පැමිණෙන වන සතුන් දඩයම් කිරීම සඳහා දඩයම් කරුවන් විසින් අදාල හක්කපටස් බෝම්බ තබා ඇති බවට එම හක්ක පටස් බෝම්බයකට මෙම අලි පැටවා ගොදුරු වී ඇත.
මිය ගිය අලි පැටවා අවුරුදු දෙකහමාරක පමණ වයසකින් යුක්ත වන අතර අලි පැටවාගේ අවසන් කටයුතු වවුනියාව වනජීවි නිලධාරීන් සිදු කිරීමට පියවර ගෙන තිබිණි.