හක් බෙල්ලං 750 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට


(පද්මා කුමාරී කංකානම්ගේ )
 

මිළ කළ නොහැකි වටිනාකමින් යුතු    විශ්කම්භය මිලිමීටර 70 ට අඩු   හක්  බෙල්ලං 750 ක් තමා සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු   කල්පිටිය  ආණවාසල කළපුතීරයේ දී  අද (1) දින කල්පිටිය විජය නාවුක  හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ධීවර හා ජලජ සම්පත්  පුත්තලම කාර්යාලය  වෙත භාර දී ඇත.
 
පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පැවසුවේ විශ්කම්භය මිලිමීටර 70 ට අඩු හක් බෙල්ලන් තමා සන්තකයේ තබා  ගැනීම විකිණීම සහ ප්‍රවාහනය 1996 අංක දෙක දරණ ධීවර හා ජලජ සම්පත්  පනතින් සපුරා තහනම් බව ය. 
 
මෙවැණි කුඩා හක් බෙල්ලන් විනාශ කිරීම මගින් එම ජලජ ජීවීන්ගේ ප්‍රජනනය ඇණ හිටින බවත් එම සත්තවයින්ගේ පැවැත්මට 
එය තර්ජනයක් බවත් ය.
 
මෙම හක් බෙල්ලං විවිධ අරුමෝසන් භාණ්ඩ තැනීම සඳහාත් දේව පුද පූජා සඳහාත් ඉන්දියාවට හොර රහසේ ප්‍රවාහනය කරන බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ ය.
 
මෙහි මිලක් තක්සේරු කළ නොහැකි අතර .සැකකරු සහ නඩු භාණ්ඩ පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.