( කේ බුද්ධික කුමාරසිරි )
හංවැල්ල ජල්තර හේන්පිට පාර ප‍්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (06) අලුයම යතුරුපැදි තුනකින් පැමිණි පුද්ගලයින් හය දෙනෙකුට හෝ ඊට වැඩි පිරිසක් නිවසේ දොර ජනෙල් සහ ගෘහ භාණ්ඩ කඩා නිවසේ එක් කාමරයකට ගිනි තබා පලා ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි
මෙම සිද්ධිය වූ අවස්ථාවේදී අදාල නිවස හිමි ව්‍යාපාරිකයා නිවසේ සිට නොමැති අතර නිවසට පහරදීමට පැමිණි පිරිස නිවස ඉදිරිපස ජනෙල් සහ විශාල මාළු ටැංකියකට පහරදී නිවසේ දොරගුළු කඩා නිවස තුලට ඇතුල් වී එහි තිබූ ගෘහ භාණ්ඩ හා විදුලි උපකරන රැසකට පහරදී විනාශ කර ඇති බවත් එක් කාමරයක් ගිනි තබා ඇති බවත් පොලිසිය පවසයි.
මෙම පහරදීම කප්පම් මුදලක් ලබා නොදීම නිසාවෙන් හෝ අදාල වැලි ව්‍යාපාරිකයාට අයත් ස්ථානයකදී පුද්ගලයින් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් ඊට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කිරීමක් බවට සැක කරන බවද හංවැල්ල පොලිසිය පවසයි
අදාල පහරදීම දින තුනකට ඉහතදී අදාල නිවස හිමි වැලි ව්‍යාපාරිකයා හමු වීමට සම්පූර්ණ හිස් ආවරණ පැළදි යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් දුරකථන ඇමතුමකට පිළිතුරු දෙන ලෙස පවසා දුරකථනයක් ලබා දී ඇති බවත් එහිදී එම ව්‍යාපාරිකයා විසින් පිළිතුරු ලබා දී ම මග හැර ඇති බවත් කියති.
නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ මෙහෙයුම් පද්ධතියට ගින්නෙන් හානි වී ඇති බවත් එහි ඇති කැමරා දර්ශන ලබා ගැනීමට කටයුතු කරන බවත් හංවැල්ල පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කිහිප දෙනකු හඳුනාගෙන ඇති අතර හංවැල්ල පොලිසිය වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි


