(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හංවැල්ල ඇඹුල්ගම අවන්හල් හිමිකරුවෙකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය කියයි.
ඔවුන් පැමිණි යතුරුපැදි හතරක් හා ඝාතනයට යොදාගත් කඩු හතරක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ හංවැල්ල ජල්තර පදිංචිව සිටි මඩපාතගේ ජීවන් කුමාර නමැති 32 හැවිරිදි පුද්ගලයෙකි.
ඉකුත් 28 වැනිදා ජල්තර පාසල් ක්‍රීඩාංගනය අසලදී තාරක මධුසංක නමැති 22 හැවිරිදි තරුණයකු ඝාතනයට ලක් විය.
එයට පලිගැනීමක් වශයෙන් එදිනම ජීවන් කුමාර නමැත්තාව ඝාතනය කර ඇතැයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.