සෞදි ජංගමේ දෙසැම්බර් 2 වැනි දා


සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව දෙසැම්බර්  2  වැනි සිකුරාදා පෙරවරු 7.00 සිට පස්වරු  2.30 දක්වා අල් කොබාර් වෙරළාසන්න පෙදෙසේ පිහිටි ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් සංකීර්ණයේ පැවැත්වෙන බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ජංගම සේවාවන්, ගමන් බලපත් කටයුතු ඇතුළු අනිකුත් ලිපි ලේඛන කටයුතු සිදු කිරීමට නියමිත අතර කම්කරු  ගැටළු සදහා කම්කරු නිලධාරින් කිහිප දෙනෙක් පැමිණීමට නියමිතය.

සුමිත් 0500998349 සිවරාජා 0560445190 පතිරාජ  0562537669

embc-banar