ඩබ්ලිව් ඒ පියතිලක
සොමාවතිය පුදබිම් මාර්ගය මහවැලි ගඟ පිටාර ගැලීම නිසා කිලෝමිටර් දෙකක් පමණ ජලයෙන් යටවීම නිසා (07) පස්වරුවේ සිට එම මාර්ග වසා දමා ඇති බව පුලස්තිපුර පොලිසිය කියයි.
වැව් සහ ජලාශ වාන් දැමීම හෙතුවෙන් එම ජලය මුදාහැර ඇත්තේ මහවැලි ගඟට බවත්, ගඟේ ජල මට්ටම ඉහල යෑම නිසා සොමාවතිය පුදබිම මාර්ගයේ තැඹිලි කොම්බ වංගුවේ සිට දිග්ගල වංගුව දක්වා ප‍්‍රදේශය අඩි තුනක් පමණ කිලෝමිටර් දෙකක් ජලයෙන් යට වි ඇති බැවින් සොමාවතිය වැඳපුදා ගැනීමට පැමිණ සිටි බැතිමැතුන් සියලු දෙනා ඉන් ඉවත් කර පිටත් කළ බවත් පොලිසිය පවසයි.