සෝමාවතිය මාර්ගය බර වාහන සඳහා විවෘත කරයි


(ක.ග.කරුණාරත්න)

පැවැති අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් වසා දැමුණු පොළොන්නරුව - සෝමාවතිය මාර්ගයේ සුංගාවිල, පෙරියආරු පාලමේ සිට සෝමාවතිය පුදබිම දක්වා කොටස රථ වාහන ගමනා ගමනය සඳහා අද (13) විවෘත කළ බව පුලස්තිපුර පොලිසිය කියයි.

මාර්ගයේ ස්ථාන කිහිපයක් තවමත් අඩි 01 ක් 1 1/2 ක් වශයෙන් ජල මට්ටම් පවතින හෙයින් බස් රථ ඇතුළු බර වාහන පමණක් ධාවනය කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.