සොරාගත් ත්‍රිරෝද රිය උකුවෙල සඟවා තිබියදී සොයා ගනී


(මොහොමඩ් ආසික්)
 
 
අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් රඹුකේවෙල ප්‍රදේශයේ මාර්ගයක්  අසළ රාත්‍රී කාලයේ  නවතා තිබූ රුපියල් 385,000 ක්  පමණ වටිනා ත්‍රීරෝද රථය  සොරකම් කර මාතලේ උකුවෙල ප්‍රදේශයේ සඟවා තිබියදී අලවතුගොඩ පොලීසිය සොයා ගෙන තිබේ.
 
 මෙම ත්‍රීරෝද රථය ධාවනය කිරීමෙන් පසුව රාත්‍රී කාලයේ සිය නිවස අසළ මාර්ගයක් අයිනේ නවතා තබා ඇති අතර ඊයේ (07) උදෑසන එම ත්‍රීරෝද රිය සොරකම් කර තිබේ.
 
 ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුම් කිරීමෙන් අනතුරුව මාතලේ උකුවෙල ප්‍රදේශයේ මෙම ත්‍රිරෝද රිය සඟවා තිබියදී පොලීසිය සොයා ගෙන තිබේ.
 
 සඟවා තබන ලද ත්‍රීරෝද රිය සමඟ  සැකකරුවකුද අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද   (08) වනදා  මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 
 අලවතුගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.