අමදෝරු අමරජීව
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සිටියදී සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසිමේදි එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්වී එහි සභාපති ධූරය එක්සත් ජාතික පක්ෂයටත් එහි උප සභාපති ධූරය එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් ලබාගනු ලැබුහ.
මේ සඳහා පැවති ඡන්ද විමසිම පළාත් පාලන කොමසාරිස් එම්.වයි.සලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් සේරුවිල ප්‍රාදේශීය සභා ගර්භයේදි පැවැත්විණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කොඩිකාර ආරච්චිගේ කුමාරසේන මහතා නැගිට සභාපති සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කේ.පි.ඒ.චන්ද්‍රකාන්ති මහත්මියගේ නම යෝජනා කළ අතර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නලින්ද සම්පත් ප්‍රියදර්ශන මහතා ස්ථිර කළේය. එහිදි නැගී සිටි කේ.පි.ඒ.චන්ද්‍රකාන්ති මහත්මිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්විම විශේෂත්වයක් විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සභාපති අපේක්ෂකයා ලෙස වීරසිංහ ආරච්චිගේ ජයසිරි මහතාත් එක්සත් ජාතික පක්ෂයෙන් ඇරැව්පොලගෙදර රණසිංහ බණ්ඩා මහතාත් ඉදිරිපත් වු අතර එහිදි පොදුජන පෙරමුණේ ඡන්ද 6 ක් ලබාගත් අපේක්ෂකයා පරදා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද 10ක් ලබාගත් රණසිංහ බණ්ඩා මහතා ජයග්‍රහණය කළේය.
උප සභාපති තේරිමේදි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කේ.වි.ඒ.චන්ද්‍රකාන්ති මහත්මිය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නලින්ද සම්පත් ප්‍රියදර්ශන මහතා අතර පැවති තරගයේදි චන්ද්‍රකාන්ති මහත්මිය ඡන්ද 10ක් ලබා උප සභාපති ලෙස තේරී පත්විය.