(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටියේ විසා බලපත්‍ර නිකුත් කරන මධ්‍යස්ථානයකට සෙල්ලම් පිස්තොලයක් රැගෙන කඩා වැදී රුපියල් 55000ක් කොල්ලකා පලායාමට උත්සහ කළ ආරක්ෂක නිලධාරියෙකු ඒ මෙහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම මධ්‍යස්ථානයේ මුදල් අයකැමිවරයා බම්බලපිටිය ප්‍රධාන කාර්යාලයට රැගෙන යාම සඳහා සුදානම් කර තිබූ මුදල් අඩංගු පාර්සලය සැකකරු සොරාගෙන තිබේ.