සෙට්ටිකුලමේ රන් හොරු පොලිසියේ


වව්නියාව සෙට්ටිකුලමේ නිවෙස් වලට ඇතුළු වී රන් භාණ්ඩ සොරකම් කළ බව කියන සැකකරුවන් තිදෙනෙකු රන් භාණ්ඩද සමගින් අත්අඩංගුවට ගත් බව සෙට්ටිකුලම් පොලීසිය කියයි.

සැකකරුවන් සතුව තිබූ රන් පෙන්ඩන්ට් 4ක් , කරාබු යුගල් 3ක් , රන්මාල 3ක් ඇතුළු ග්‍රෑම් 100 කට ආසන්න රන් භාන්ඩ ද පොලිසිය සොයාගෙන ඇත.

ජංගම දුරකතන 3ක් ද ආරක්ෂක අංශ වලට අයත් බව කියන හිස් වැසුමක් ද ඒ අතර වෙයි.

Untitled-2