සුවහසක් රෝගී ජනතාවට ඉමහත් සේවයක් ඉටු කළ කොළඹ ජාතික රෝහලේ ප‍්‍රධාන භෞත චිකිත්සක අමල් ගුණරත්න මහතා පසුගිය 17 වැනි දා චාවකච්චේරියේ සිදුවූ හදිසි අනතුරින් අභාවප‍්‍රාප්ත විය.
ස්නායු රෝග පිළිබඳව හසල දැනුමක් ඇති ඔහු සුව කළ රෝගීන් දහස් ගණනකි.ඔහුගේ අවසන් කටයුතු අද (19) බණ්ඩාරගම,හල්තොට පවුලේ සුසාන භූමියේදී සිදුකෙරේ.
1963 දී උපන් ගුණරත්න මහතා හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 1988 වසරේ භෞතචිකිත්සක පාඨමාලාවට එක්විය. 1991 දී පළමු පත්වීම ලෙස මාතලේ මහ රෝහලට පත්වීම් ලබන ඔහු මාතලේ මහ රෝහලේ වසර ගණනාවක් මහඟු සේවයක් ඉටු කළේය. පසුව ජාතික රෝහලට ස්ථාන මාරු ලබා ආ ගුණරත්න මහතා මිය යන තුරු ඉතා ගුණාත්මක සේවයක් ඉටු කළ භෞතචිකිත්සකවරයකු ලෙස හැඳින්විය හැක.
ස්නායු රෝග පිළිබඳ හසල දැනුමක් ඇති ඔහු ඉතා දක්‍ෂ ගුරුවරයෙක්ද විය. භෞත චිකිත්සාව හදාරන සිසුන් අතර ජනපි‍්‍රය කථිකාචාර්යවරයකු ලෙසද ඔහු හැඳින්විය හැකිය.
එපමණක් නොව රජයේ භෞතචිකිත්සක සංගමයේ ලේකම් ලෙසද කටයුතු කළ ගුණරත්න මහතා මිය යන තුරු තනිකඩ ජීවිතයක් ගත කළේය. තම සම්පුර්ණ කාලය රෝගී ජනතාව වෙනුවෙන් කැප කළ ඔහු අප අතරින් සමුගත්තේ එම හිඩැස පිරවීමට තවත් කෙනෙකු නැති බවද පසක් කරමිනි.
“2014 පී.ටී. රීමික්ස්“ සම්මාන උළෙලේ වසරේ හොඳම භෞත චිකිත්සකයෙකු ලෙසද අමල් ගුණරත්න මහතා නිර්දේශ විය.
1988 දී භෞතචිකිත්සාව හැදෑරීමට අප කණ්ඩායමට එක්වුණු ඔහු යහළුවෙකි ගුරුවරයෙකි එමෙන්ම සහෝදරයෙකි.
සහෘදයාණෙනි,ඔබ ඉතිරි කළ හිඩැස පිරවීමට කිසිවකුත් සමත් නොවන බවට අවිශ්වාසයක් නැත. සසර වසන තුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි පතමු. ඔබට නිවන් සුව.
ජාලිය උඩුවැල්ල
වරලත් භෞතචිකිත්සක සංගමයේ සභාපති