(සනත් ගමගේ )
සූරියවැව, සුරුවිරුගම, වැලිවැව ඇතුළු ගම්මාන රැසක ජන ජීවිතයට පීඩා කරමින් සිටි තනි වල් අලියා මෙහෙයුමකින් පසු වැලිවැව ප්‍රදේශයේදී අල්ලා ගැනීමට හැකි වූ බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිළධාරි ජේ.ඒ.පී විජයකුමාර මහතා කිය.
මෙම අලියා මේ වන විට මිනිස් ජිවිත දෙකක් බිලිගෙන නිවාස හා දේපල රැසකට හානි සිදු කර පීඩා අයුරින් හිසිරී ඇතැයි ගැමියෝ කියති.
වයස අවුරුදු 35 ක් පමණ වන, අඩි දහය හමාරක් පමණ උසැති, ඉතා හොඳින් වැඩුණු දැවැන්ත සිරුරකින් සමන්විත මෙම තනි අලියාගේ සිරුරේ වෙඩි පහර රැසක් දක්නට තිබෙන අඩවි අරක්ෂක විජයකුමාර මහතා පැවසීය.
පීඩා කාරී ලෙස සිටි තනි අලියා ඊයේ (29) වැලිවැව ප්‍රදේශයේදී අල්ලා කඹ යොදා ගැට ගසා ඇති අතර වනජිවී ආරක්ෂිත රක්ෂිතයකට මුදා හැරීමට රැගෙන යෑමට කටයුතු කරන බවද සඳහන් කළේය.
සුරියවැවට කරදරයක් වු තනි අලියා අල්ලයි
Recommended Articles