ජුඩ් සමන්ත
සීමාසහිත ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපාකාර සමිතියේ විජය කටුපත සුපිරි අලෙවිසැළට කඩා වැදී එහි සිටි දෙදෙනකුට පහර දී රුපියල් 65,000 ක මුදලක් කොල්ලකා පලා ගිය බව කියන අයකුව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදු කරන බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.
විජයකටුපත සුපිරි අලෙවිසැලේ සේවය කරන කළමණාකරු වන දේමුණි නොයෙල් ඉන්ද්‍රසිරි සිල්වා යන අය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
අවශ්‍යතාවයක් සඳහා තමන් සේවා ස්ථානයෙන් පිටව ගිය බවත්, තමන් එන තුරු හිතවතුන් දෙදෙනෙකු එම ස්ථානයේ රැදී සිටි බවත් පැමිණිලිකරු පොලීසිය හමුවේ පවසා ඇත.
එම කාලය තුළ සුපිරි අලෙවිසැළට පැමිණ ඇති අයෙකු තම මිතුරන් දෙදෙනාට පහර දී පලවා හැර එහි තිබූ මුදල් කොල්ලකා පලා ගොස් ඇති බවද පැමිණිලිකරු පොලීසිය හමුවේ පවසා ඇත.
කොල්ලය සිදු කර ඇත්තේ විජයකටුපත - බුරුතකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනා ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසිය පරික්ෂණ පවත්වයි.