සිවිල් ආරක්ෂක භටයාට පහරදුන් අයෙක් අත්අඩංගුවට


(දයාරත්න ඇඹෝගම)

මුව ආවරණයක් නොමැතිව ප්‍රතිකාර ගැනිම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණි පුද්ගලයෙකුට මුව ආවරණයක් පැළද එන ලෙසට අවවාද කළ සිවිල් ආරක්ෂක භටයෙකුට පහර දුන් පුද්ගලයකු  අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තන්තිරිමලේ සදමල් එළියේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා මුව ආවරණයක් නොමැතිව බීමතින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර ප්‍රතිකාර අංශයට ප්‍රතිකාර ගැනිමට පැමිණි සිටි අවස්ථාවේ මුව ආවරණයක් පැළද එන ලෙසට එහි ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි සිවිල් ආරක්ෂක භටයා විසින් උපදෙස් ලබාදිම නිසා කෝපයට පත්ව මෙම පහරදිම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

එම පහර කෑමට ලක්වු සිවිල් ආරක්ෂක භටයා ප්‍රතිකාර ගැනිම සදහා රෝහලට ඇතුලත් කොට ඇති  අතර සැකකාර පුද්ගලයා රෝහල් පොලිසියේ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ෂණ කටයුතු සදහා අනුරාධපුර පොලිසියට බාරදි තිබේ.

ඔහු  අද (28)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

අනුරාධපුර පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක සංජීව මහනාම මහතා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වති.