(අජිත්ලාල් ශාන්තඋදය)
සිරිපා වන්දනා කර ආපසු එමින් සිටි බැතිමතුන් රැගත් වෑන් රථයක් කුරුවිට සිට එරත්න දක්වා දිවෙන මාර්ගයේ බටතොට ප‍්‍රදේශයේ දී අද (8) අලුයම පැමිණෙද්දී රියදුරුට නින්ද යාමෙන් අධි බලැති විදුලි රැහැන් කණුවක ගැටී තිබේ. අනතුරෙන් කාන්තාවක් ඇතුලූ තිදෙනෙක් තුවාල ලැබූ බව කුරුවිට පොලීසිය කියයි.
අනතුරට ලක්ව ඇත්තේ හෝමාගම ප‍්‍රදේශයේ පිරිසකි. තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නැති බව කී පොලීසිය එක් කාන්තාවකගේ අතට තරමක තුවාල සිදුව ඇති බව පවසයි.