සිංගප්පූරුවෙන් ලක්ෂ 08 ක දුම්වැටි ගෙනා පියාත් දියණියත් අසුවෙති


(ටී.කේ.ජී.කපිල )
 
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට , සිංගප්පූරුවේ සිට විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රැගෙන ආ පියෙකු සහ දියණියක් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේය .

 
මොහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සිය දියණිය සමග සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 303 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. 

ඔහු රැගෙන ආ ගමන් මල්ලේ බෙන්සන් ඇන්ඩ් හෙජස් වර්ගයේ දුම්වැටි 16,000 ක් සගවා ගෙන තිබී රේගු නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබුණි . ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 08 ක් බව රේගුව සඳහන් කරයි