(ජුඩ් සමන්ත)
සිංගප්පූරු ජාතිකයකුට පහර දුන් බව කියක චීන ජාතිකයකුව අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය කියයි.
හලාවත - අඹකදවිල ප්‍රදේශයේ දී මෙම පහර දීම සිදුවී ඇත.
පහර කෑමට ලක්ව ඇති සිංගප්පූරු ජාතිකයා හලාවත - අඹකදවිල ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් අභිජනනය කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වා යන අයෙකි.
පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති චීන ජාතිකයා එම අභිජනන මධ්‍යස්ථානයේ සේවය කළ අයකු බව පොලීසිය කියයි.
දෙදෙනා අතර ඇතිවූ බහින් බස් වීමකින් පසුව පහර දීම සිදුවී ඇති බව විමර්ශන වලදී හෙළි වී ඇත.