රී එල් ජව්ෆර්කාන්
වවුනතිවු පොලිස් සැරයන් දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සිය සැමියා නිදහස් කරන්නැයි ඉල්ලා මඩකලපුව සිව් දරු මවක් අද උපවාසයක යෙදුණාය.
අත්අඩංගුවට පත් සි. ඉරාජකුමාරනින්ගේ බිරිඳ වන අජන්දන් හා දරුවන් මෙසේ උද්ඝෝෂණයේ නිරත වූහ.
අත්අඩංගුවට ගෙන දින18ක් ගතවුවත් අධිකරණය ඉදිරියට නොගෙන රඳවා සිටින සිය සැමියා නිදහස් කරන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.
ඇය මෙසේ ද කීවාය.
“මගේ සැමියා නිවරැදිකරු බව පොලිසිය පවසනවා. දින 18 ක් තිස්සේ කිසිම උදව්වක් නොමැතිව ඔහු දුක් විඳිනවා. ඔහු වැරැදිකරු නම් අධිකරණයට ඉදිරිපත් කරන්න. ඔහුට දඬුවම් දෙන්න. එසේ නැතිනම් ඔහුව නිදහස් කරන්න. ඔහුව නිදහස් කරනතුරු මම දරුවන් සමඟ මාරාන්තික උපවාසයක නිරතවෙනවා.”