සැප රියෙන් කේරල ගංජා ඇද්ද තිදෙනෙක් අත්අඩංගුවට



 
රොමේෂ් මධුෂංඛ

 
යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මර්ගයේ ඕමන්ත මංසන්ධියේ දී සුඛෝපභෝගී වෑන් රථයකින් කේරල ගංජා කිලෝ 9 ග්‍රෑම් 924 ක ප්‍රමාණයක් රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අද (4) අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලීසිය පවසයි.


කිලිනොච්චියේ සිට ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයට අදාළ වෑන් රථයෙන් තරුණයින් තිදෙනෙකු ගමන් කර ඇති අතර අදාළ වෑන් රථයේ කේරල ගංජා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව වවුනියාව පොලිස් නිලධාරීන් සිදුකරන ලද වැටලීමකදී වෑන් රථය තුළ සඟවා තිබූ අදාළ කේරල ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් කින්නියා ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19, 26, 32, යන වයස්  පසුවන්නෝ වෙති.