සැකකරුවකුට ගංජා දෙන්න ගිය පුද්ගලයාට අත්හිටුවු සිරදඬුවමක්


(ටෝනි කරුණානායක)

ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් සිර මැදිරියේ සිටි රැඳවියෙකුට ගංජා අඩංගු දුම්කොළ පැකට් 3 ක් දීමට තැත් කර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දින 16ක් රිමාන්ඩ් බාරයේ පසු වූ විත්තිකරුවෙකුට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා මාස 3ක සිරදඬුවම් නියම කර එම සිරදඬුවම වසර 5 කට අත්හිටුවන ලෙසට අද (19) නියම කළේය.

දුම්කොල වල ඔතා තිබූ ගංජා මිලිග්‍රෑම් 313ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට රුපියල් 6000ක දඩයක්ද නියම විය.