සැකකටයුතු තවත් 27 ගාල්ලෙන් අල්ලයි


(ඩී.ජී.සුගතපාල)
 
තව්හිත් ජමාත් සංවිධානය සමග සෘජු සම්බන්ධතා පැවැත්වු බව කියන පුද්ගලයෙකු සහ තවත් අයෙකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
පසුගියදා දර්ගා නගරයේදී අත්අඩංගුවට ගන්නා ලද අයි.එස්.අයි.එස්.සංවිධානයට සම්බන්ධ බව කියන සැකකරු  ගාල්ල මොරගොඩ ප්‍රදේශයේ පල්ලියකට කැඳවාගෙනවිත් දේශන පැවැත්වීමට උදව්කර ඇත්තේ ද මෙම සැකකරු විසින් බවට අනාවරණය වී ඇතැයිද පොලිසිය පවසයි.
 
ඒ අනුව මේ වනවිට ගාල්ල පොලිස් අධිකාරි කොට්ඨාසයෙන් අද (30) උදෑසන වනවිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගේ සංඛ්‍යාව 27කි.
 
ඔවුන් අතර ආගමික සංහිඳියාවට බාධාවන අයුරින් අන්තවාදි දේශන ඇතුළත් සංයුක්ත තැටි තොගයක් සහ ස්ටිකර් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් තව්හිත් ජමාත් සංවිධානය සමග සෘජු සම්බන්ධකම් පැවැත්වූ බවට සැකකරන පුද්ගලයින් කිහිප දෙනෙක් සහ සිය අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අපොහොසත්වූ කිහිප දෙනෙක්ද වෙති.