සා.පෙළ පාසල් සිසුන් 395,423දෙනෙකුට අලුතින් හැඳුනුම්පත්


 

ජයන්ත සමරකෝන්

ලබන දෙසැම්බර් මස පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගයට ප්‍රථම පාසල් සිසුන් 395,423දෙනෙකු සඳහා අලුතින් ජාතික හැඳුනුම්පත් නිකුත් කර ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

විභාගයට පෙනී සිටින පාසැල් සිසුන් 399187දෙනෙකුගේ හැඳුනුම්පත්, ඉල්ලුම්පත් විදුහල්පතිවරුන් මගින් දෙපාර්තමේන්තුවට ලැබුණු බවද අඩුපාඩු සහිත ඉල්ලුම්පත් 3764ක් පමණක් ආපසු හරවා යැවූ බවද එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.

මෙතෙක් අයදුම්පත් එවා නොමැති අයදුම්පත්කරුවන් ඇත්නම් විභාග දිනයට පෙර විදුහල්පතිවරුන් මාර්ගයෙන් අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස එම දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි