ස්පාඤ්ඤ කතගේ නැතිවු මුදල් පසුම්බිය ව්‍යාපාරිකයෙක් බාරදෙයි



(කාංචන කුමාර ආරියදාස)

ස්පාඤ්ඤයේ සිට මෙරටට පැමිණි විදේශීය සංචාරක කාන්තාවකගේ මුදල් පසුම්බියක් දඹුල්ල නගර මධ්‍යයේ වෙළඳසලක් අසල වැටී තිබී එය නොසඟවා අයිතිකරුට භාරදීමේ පුවතක් අද (15) දඹුල්ලෙන් වාර්තා විය.

මෙම ආදර්ශවත් ක්‍රියාව සිදුකොට තිබුණේ දඹුල්ල නගර මධ්‍යයේ සිල්ලර වෙළඳසලක් පවත්වා ගෙන යන එම්. ටී. එන්.අනස්  මහතාය.

ස්පාඤ්ඤ ජාතික ජි .වෙරෝනිකා හා ඉතාලි ජාතික වියානා තරුණියන් දෙදෙනා පසුගිය දෙසැම්බර් 1 වැනි දා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ තිබේ.

සංචාරක මඟ පෙන්වන්නා ද සමඟ මෙම මිතුරියන් දෙදෙනා ඊයේ (14) පස්වරුවේ දඹුල්ල නගර මධ්‍යයේ සංචාරය කරමින් සීගිරියට ගොස් තිබේ. 

එම අවස්ථාවේදී දඹුල්ලේ වෙළඳසලකට ගොස් බිම පැකට් දෙකක් මිලදී ගෙන නැවත පයින් යන අතර ස්පාඤ්ඤ ජාතික තරුණියගේ අත තිබූ මුදල් පසුම්බිය වැටී තිබේ.

එම බීම පැකට් දෙක මිලදී ගත් වෙළෙඳ සැලේ හිමිකරුගේ සහෝදරයකු එය දැක අහුලා වෙළඳසැල් හිමිකරුට ලබාදී ඇත. 
ඒ අනුව ඔහු එය විවෘත කර බැලීමේදී   ලංකා මුදල් මෙන්ම ඩොලර් කොළ එමෙන්ම  තරුණියගේ එරට හැදුනුම්පත බැංකු කාඩ්පත් මෙන්ම රියදුරු බලපත්‍රයක් ද එහි තිබූ බව සඳහන් කළේය.

පසුම්බිය අහුලාගත් ව්‍යාපාරිකයා මේ බව දඹුල්ල නගර මධ්‍යයේ ත්‍රීරෝද රථ සංගමයේ සාමාජිකයකුට මේ බව දැනුම් දී ඔහුගේ උපදෙස් පරිදි එම මුදල් පසුම්බිය දඹුල්ල පොලිසියට බාරදී ඇත.

ඒ අනුව අද (15) විදේශීය යුවතියන් දෙදෙනා ප්‍රධාන මාර්ගයේ තම මුදල් පසුම්බිය සහ සොයමින් යන අතරතුර ව්‍යාපාරිකයා විසින් ඔවුන් දෙදෙනා දැක ඔවුන් සතු මුදල් පසුම්බිය තමා සතුව ඇති බවත් දැනුම්දී පසුව දඹුල්ල පොලිසියේ දී ඔවුනට අයිති මුදල් පසුම්බිය බාර ඇත.

තමන් අතින් අතුරුදන් වූ මුදල් පසුම්බිය පරීක්ෂාකර බැලූ  යුවල එහි තිබූ ලංකා මුදල් රු 3000ක් ඇමරිකානු ඩොලර් 88 ක් ඇතුළු  සියලු දේ තිබු බවත් ශ්‍රී ලාංකික ජනතාවට තමන් හදවතින්ම ස්තූතිවන්ත වන බවත් ශ්‍රී ලංකාව ජනතාව සිදුකළ මෙම ක්‍රියාව අගය කරන බවත්ය.