ස්ථිර පත්වීම් නොලද ස්වෙච්ඡා ගුරුවරුන් 500ක් උතුරේ


 (රොමේෂ් මධුෂංඛ)

උතුරු පලාතේ ස්ථීර පත්වීම් නොමැති ස්වේච්ඡා ගුරුවරුන් 500 කට අධික පිරිසක්  මේ වන විට සිටින නමුත් ඔවුගේ පත්වීම් ස්ථීර නොවීම හේතුවෙන් මානසිකත්වය පහත වැටී හේතුවෙන් සිය දිවි හානි කර ගැනීමේ අවදානමකට ලක්ව ඇතැයි උතුරේ ස්වේච්ඡා ගුරු සංගමය පවසයි.

උතුරේ රජයේ පාසල්වල ස්වේච්ඡා ගුරුවරුන් 686 දෙනෙකු සේවය කළ අතර පසුගියදා ඉන් 182 කට  කරගැනීමේ අවදානමකට ලක්ව ඇති බවට උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ සංගමය පවසයි.

මුලතිව් තට්ටන්කුලම් පාසලේ ස්වේච්චා ගුරුවරියක්ගේ නම ස්ථීර පත්වීම් ලබා දුන් ලැයිස්තුවට ඇතුළත් නොවීම හේතුවෙන්  ඇය ගෙල වැලලාගෙන මිය ගියාය.

ස්ථිර පත්වීම් ලබා දී තිබුණද ස්ථිර පත්වීම් නොලද පිරිස අතර වසර දහයකට වඩා සේවය කළ ගුරුවරුන්ද සිටින බවත් ස්ථීර පත්වීම් ලබා දීමේදී එම ගුරුවරුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇතැයිද ඔවුහු පවසති.

මේ අතර උතුරේ ස්ථිර පත්වීම් නොලැබූ ස්වේච්ඡා ගුරුවරුන් පිරිසක් යාපනයේදී ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද මහතා හමු වී අදාල ගැටළුව පිළිබඳව සාකච්ඡා කර තිබේ.  එහිදී මන්ත්‍රීවරයා එම පිරිසට පවසා ඇත්තේ උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කර විසඳුමක් ඉතා ඉක්මනින් ලබා දෙන බවටයි.

එමෙන්ම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ස්වේච්ඡා ගුරු ගැටලුව පිළිබඳව පවසා තිබුණේ  ස්ථිර පත්වීම් ලබා නොදුන් පිරිසගේ සහතික හා ලොග් සටහන් යළි පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඔවුන්ට ස්ථිර පත්වීම් ලබා දෙන බවය.

නමුත් උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ සංගමය කියා සිටින්නේ ප්‍රධාන අමාත්‍යවරයා ස්ථිර පත්වීම් අහිමි වූ පිරිසගේ සිත් සතුටු කිරීම සඳහා පමණක් එම ප්‍රකාශය කළ බවයි.

වසර ගණනාවක් රජයේ පාසල්වල ස්වේච්ඡා ගුරු සේවයේ යෙදුණු සියලුම දෙනා අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඉල්ලා සිටින සියළුම සුදුසුකම් සපුරා ඇති නිසා ඔවුන්ගෙන් පිරිසක් ස්ථිර කොට තවත් පිරිසක් ස්ථිර නොකිරීම බලවත් අසාධාරණයක් යැයි උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ සංගමය වැඩි දුරටත් කියා සිටියේය.