(අශෝක තිලකරත්න)
කුඹුරේදී සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් අද (15) උදෑසන ගොවියෙකු මරණයට පත්වී ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.
එසේ මියගොස් ඇත්තේ හම්බන්තොට සිසිලසගම පදිංචි එම්.ඩී.සුමිත් කුමාර (43) නැමති අයෙකි.
ඔහුගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරික්ෂණය බස්නාහිර වළකඩ හදිසි මරණ පරීක්ෂක ඒ.වෙත්තසිංහ මහතා විසින් අද(15දා) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
හම්බන්තොට පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

