සරසවි සිසුවියක් උඩුමහලෙන් වැටී රෝහලේ



( චමිල් රූපසිංහ)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ශාස්ත්‍ර පීඨයේ පළමු වසරේ සිසුවියක නේවාසිකාගාරයේ තෙවැනි  මහලින් වැටි රෝහල් ගත කළ බව පේරාදෙණිය පොලිසිය පවසයි.

මහියංගනයේ මාපාකඩ පදිංචි මෙම සිසුවිය ඊයේ ( 21) සිය  නිවසින් පිටත්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරය වෙත පැමිණි ඇත.

ඊයේ (21) පස්වරු 6.00 ට පමණ රෙදි වැනිම සදහා එම ශාලාවේ තුන් වන මහලට පිටතින් ඇති කොරිඩෝවේ  රෙදි වැලක් ගැට ගැසිමට යාමේදි මෙම අනතුරට මුහුණ පා ඇතැයි තොරුතුරු අනාවරණය වී ඇත.

විශ්ව විද්‍යාලයේ සිසුන් හා විශ්ව විද්‍යාල කාර්‍ය මංඩලය එකතුව ඇය පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩි දුර ප්‍රථිකාර සදහා මහනුවර මහරෝහලට මාරු කර යවා ඇත.