සයිටම් අහෝසි කරන්නැයි තංගල්ලේ උද්ඝෝෂණයක්


ආරියදාස කොඩිතුවක්කු

මාලබේ පිහිටි සයිටම්  පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමින් රජයේ වෛද්‍ය විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යවන් සහ ඔවුන්ගේ දෙමාපියන් අද (14)  සවස තංගල්ල මුලික රෝහල ඉදිරිපිට සිට විරෝධතා පුවරු සහ බැනර් ප්‍රදර්ශනය කරමින් 500ක පමණ පිරිසක් කිලෝමීටරයක පමණ දුරක් ගෙවා තංගල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ඇති පැරණි පොළ භුමියට පැමිණියහ.
සයිටම්  පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරනු, රජයේ සේවක විශ්‍රාම වැටුප් කප්පාදුව නතර කරනු, සියලු උපාධිධාරීන්ට වහාම රැකියා ලබා දෙනු යනුවෙන් සදහන්  වැකි  සහිත පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය කරමින් උද්ගෝෂණය කරමින් ගමන් ගත්හ.