(අංජුල මහික වීරරත්න)
සමෘද්ධි ප්‍රතිලාභ හිමිවීමට සුදුසුකම් තිබියදීත් සමෘද්ධි සහනාධාරය නොලැබූ අය ගැන සොයා බැලීමට පත් කළ කමිටුව වහා රැස්කර සමෘද්ධි ප්‍රතිලාභ දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ උපදෙස් දුන්නේ සමෘද්ධි නොලැබූ පිරිස සෙවීම පිළිබඳ කමිටුවේ අමාත්‍ය සභාපති පී. හැරිසන් මහතා වෙතය.
සමෘද්ධි ප්‍රතිලාභීන් තේරීමේදී ගැටලු උද්ගතව පවතින මාතලේ දිස්ත්‍රික්කය ගැන කඩිනමින් අවධානය යොමු කර අවශ්‍ය කටයුතු පිළියෙල කරනා ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වල වැඩිදුරටත් සඳහන් වේ.