සමෘද්ධි නිලධාරියාට තර්ජනය කළ හමුදා නිලධාරියා රිමාන්ඩ්


( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

සමෘද්ධි සංවර්ධන නිළධාරී වරයෙකුට  බැන   තර්ජනය කළ  යුද හමුදා නිළරියෙකු  මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා අද (22) දා  නියෝග  කළේය.

තම  බිරිඳට රුපියල් 5000  සහනාධාර මුදල  ලබා  නොදුන්නැයි පවසමින්  එම යුද්ධ හමුදා නිළධාරීය විසින්  පින්නවල ගුරැබිවිල  ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිළධාරී වරයෙකුට මෙලෙස  බැන  තිබෙි.
 
මොහු පින්නවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.