සමස්ත ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සේවා සංගමයේ මැයි දින සැමරුම අවලංගුයි


(අජිත්ලාල් ශාන්තඋදය)
 
රංගිරි දඹුල්ලේදී මැයි 01දා පැවැත්වීමට කටයුතු යොදා තිබූ සමස්ත ලංකා අන්තර් දිස්ත‍්‍රික් පාසල් ළමුන් ප‍්‍රවාහන සේවා සංගමයේ මැයි දින සැමරුම ආරක්‍ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන අවලංගු කළ බව එම සංගමයේ සභාපති එන්.එම්.කේ. හරිස්චන්‍ද්‍ර පද්මසිරි මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
ලංකාවේ දිස්ත‍්‍රික් 20ක පමණ ක‍්‍රියාත්මක එම සංගමයේ සාමාජික සංඛ්‍යාව 20,000 ඉක්මවා ඇත. 
 
ඔවුන් මෙවර පැවැත්වීමට නියමිතව තිබුණේ ඔවුන්ගේ හත්වන මැයි දින සැමරුමය.
 
ශ‍්‍රී ලංකාවේ පාසල් දරුවන් ලක්‍ෂ ගණනකට ප‍්‍රවාහන සේවා සපයන්නේ තම සංගමයේ සාමාජිකත්වය දරන වෑන් සහ බස් හිමියන් විසින් බවද සභාපතිවරයා කීවේය.