අනීෂා මානගේ
මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වී ජයග්‍රහණය කළ ගම්පහ, කොළොන්න, ඇඹිලිපිටිය, කටුවන, අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවල හා ඇඹිලිපිටිය නගරසභාවේ මන්ත්‍රීවරුන් අතරින් තෝරාගත් සභාපතිවරුන් හා උපසභාපතිවරුන් අද(31) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ තංගල්ල කාර්ල්ටන් නිවසේදී දිවුරුම් දුන්හ.
ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස රංජිත් පද්මලාල් ගුණවර්ධන, උප සභාපති එම්.ඩී.පී. මුදන්නායක, කොළොන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ටී.රූපසේන, කටුවන ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස මලවිගේ ජයන්ත, අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස නිශාන්ත නාමල්, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස සුරන්ත වීරසිංහ හා ඇඹිලිපිටිය නගරසභාවේ උප සභාපතිවරයා ලෙස දිනේෂ් මධුශංක මහත්වරුන් මෙලෙස අද දිවුරුම් දෙනු ලැබීය.