සබරගමුවේ බස් කොන්දොස්තරවරු 23 ක් මුදල් වංචා කරති


සබරගමු පළාතේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ නවයක කොන්දොස්තරවරුන්ගෙන් 23 දෙනෙකු මගී ප‍්‍රවේශ පත‍්‍ර වලින් මුදල් වංචා කර ඇතැයි ලංගම සබරගමුව ප‍්‍රාදේශීය කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඊට සැකකැ‍රෙන කොන්දොස්තරවරුන් නියමිත රාජකාරියෙන් ඉවත්කර ඔවුන්ට එරෙහිව පරීක්‍ෂණ ඇරඹු බව ද එම ආරංචිමාර්ග කියයි.

නව කොන්දොස්තරවරුන් එම මාර්ග වලට පත් කිරීමෙන් පසු එම බස් රථ වලින් ලැබෙන ආදායම ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.